Travel partner - Hemmathagama

Travel partner - Hemmathagama නොසිතූ මොහොතක, ඔබට හමුවෙන ගමන් සහකරු.

පොසොන් පෝයට සමගාමීව පැවැත්වෙන උත්සව හා දන්සැල්....ඔබේ ගමේ පොසොන් උත්සව හා දන්සැල් හැමෝටම දැනගන්න Comment කරන්න.
08/06/2025

පොසොන් පෝයට සමගාමීව පැවැත්වෙන උත්සව හා දන්සැල්....
ඔබේ ගමේ පොසොන් උත්සව හා දන්සැල් හැමෝටම දැනගන්න Comment කරන්න.

ඇසේ දියවැඩියා සංකූලතා, ග්ලෝකෝමා (ඇසේ පීඩනය),ඇසේ සුද යන අක්ෂි රෝග සදහා අවධානමක් ඇති ඔබ වෙනුවෙන්,  අක්ෂි විශේෂඥ ‌‌වෛද්‍යවර...
05/06/2025

ඇසේ දියවැඩියා සංකූලතා, ග්ලෝකෝමා (ඇසේ පීඩනය),ඇසේ සුද යන අක්ෂි රෝග සදහා අවධානමක් ඇති ඔබ වෙනුවෙන්,
අක්ෂි විශේෂඥ ‌‌වෛද්‍යවරුන්ගේ සහභාගීත්ව‌යෙන් නොමිලේ පැවැත්වෙන
අක්ෂි විශේෂඥ ‌‌වෛද්‍ය සායනය - ජූනි 10 වෙනි අගහරුවාදා (පොසොන් පොහෝ දින)
කෑගල්ල කැන්‌ඩෙලා රෝහලේදී ........
අදම අප අමතා ඔබට හිමි අංකය ලබාගන්න 070 66 11 409
පහත Link 🔗 එක හරහා ෙපා්රමය පුරවා අප ෙවත එවන්න
https://docs.google.com/.../1FAIpQLSc-N-rQIO.../viewform...

01/06/2025
වාහනේක හදිසියේ බ්‍රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා)මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි...
17/05/2025

වාහනේක හදිසියේ බ්‍රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා)

මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරිඳට | සැමියාට හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා. 😀
වැදගත් කියල දැනෙනවා නම් Share කරගන්න. මගේ නම් ගම් අවශ්‍ය නෑ..ඔයාලගෙ නමින් කොපි කරගත්තත් මගේ ඇති අමනාපයක් නෑ.. 👍
..............
පහුගිය කාලෙ පුරාම කඳුකර ප්‍රදේශ වල අනතුරු ගණනාවක් සිද්ද වුනා. බොහොමයක් අනතුරු වලට බලපාන්නෙ බ්‍රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන.

ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්‍රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටිකීයද කියන එක මෙතනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්වයක්, එහෙම වෙන්න හේතු තමා මේ..

1. බ්‍රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය

කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්‍රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා. එතකොට brake pads & discs තදින් උණු වෙනවා

ඒ යෙදෙන අධික තාපය නිසා බ්‍රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි.

ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට උනාම ඉතිං සොරිම තමා.

2. Engine braking භාවිත නොකිරීම

Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය.
මේ විදියට එන්ජිම බර ගියර් වල පල්ලම් බහිද්දි brakes වලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ද වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

3. Continuous braking

Brakes එක දිගට භාවිතා කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට
"pumping" or "intermittent braking" හෙවත් බ්‍රේක් වරින් වර භාවිතා කිරීම (brake, release, brake) කරන්න.

ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිතා කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමේ.

ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ
2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහන වල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බල ඉන්න නෙමේ පාවිච්චි කරන්න.

සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් "එක දිගට පල්ලමක එනවනම්" එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්‍රේක් වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න.

නැතිනම් ඔයාගෙ වාහනේ බ්‍රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම උනොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ TV නිවුස් වලින් තමා.

Sameera Tharindu Bopage

වෙසක් 2025සැමරුම් උත්සව හා දන්සැල්
11/05/2025

වෙසක් 2025
සැමරුම් උත්සව හා දන්සැල්

කොහොමද බැංකු පොලිය මත අයකරන 10% withholding tax එකෙන් බේරෙන්නේ 🤔මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක.... බැංකුවලයි i...
30/04/2025

කොහොමද බැංකු පොලිය මත අයකරන 10% withholding tax එකෙන් බේරෙන්නේ 🤔

මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක.... බැංකුවලයි inland revenue එකේ මේ දවස්වල මාර පෝලිම නේද.... සමහරු හරි proceedure එක දන්නැතිව බැංකු වලට ගිහින් පෝලිමේ ඉදල රස්තියාදු වෙලා නිකන්ම ගෙදරත් යනවා නේද 🥲

ඔන්න මම අද කියන්න යන්නේ මේ withholding tax එක excempt කරගන්න පුලුවන් හරි ක්‍රම වේදයයි...

# මතක තියාගන්න withholding tax එක ඔයාලගේ පොලිය මත අය නොකරන්න වෙන්නේ

1. ඔයාලගේ සමස්ථ වාර්ෂික ආදායම (tax වලට යටත්) රුපියල් 1,800,000 ට අඩුනමි
2. ලංකා පුරවැසියෙක් වී (resident)
2. Tax declaration එකක් තමාගේ depsits තියෙන හැම බැංකුවකට හා මූල්‍ය ආයතනයකට ලබා දුන්නොත්
විතරමයි ....

ඉතින් ඔයාලාගේ වාර්ෂික ආදායම රුපියල් 1.8 මිලියනයකට අඩු නමි ඔයාලට කරන්න තියෙන්නෙ මෙචිචරයි

1. TIN Certificate එකක් ලබාගැනීම
මේක ඔයාලගේ ප්‍රදේශයේ ආදායමි බදු ප්‍රදේශිය කාර්යාලයට ගිහින් form එකක් පුරවල දීලා ගන්නත් පුලුවන් (same day නමි ගන්න අමාරැයි)

Form එක පහත link එකෙන් බාගත කරගන්න
https://www.ird.gov.lk/en/Downloads/TaxpayerRegistrationDocs/TPR_002_E.pdf

එහෙම නැත්තමි ලේසිම ක්‍රමය තමයි පහත link එක මගීන් online TIN registration එක කරගන්න

Online TIN Registration -
https://eservices.ird.gov.lk/registration/tinregistration/showrequestheader

ඉතින් මේ ක්‍රම දෙකෙන් කැමති එකකින් register වලා මතක් කරල TIN Registration certificate එක ලබාගන්න (අනු පිටපතක් සදහා attachment එක බලන්න)

2. Tax declaration form එක online බාගත කරගෙන හරි තමාගේ බැංකුව හෝ මූල්‍ය ආයතනයෙන් ලබා ගෙන පුරවන්න (පුරවන විදිය attachment එකක තියෙනවා බලන්න)

Online බාගත කරනවා නමි මේන්න link එක

https://www.ird.gov.lk/en/Downloads/Forms_WHT_AIT/ISD_WHT_01-E.pdf

(මතක තියාගන්න තමා බැන්කූ කීපයක හෝ බැංකු ශාඛාකීපයක ගිණුමි පවත්වාගෙන යනවා නමි වෙනවෙනම tax declaration forms පුරවන්න ඕනේ )

3. පුරවපු tax declaration එකයි මතක් කරල TIN Certificate එකයි , Identity card එකයි අරන් තමාගේ අදාල බැංකු ශාඛාව ට හැකි ඉක්මනින් බාරදෙන්න
(බාරදෙන්න කලින් withholding tax debit උනොත් ආය එක ලේසියෙන් ගන්න බෑ)

4. මතක් කරල tax declaration එක බාරගත්තා කියල අදාල බැංකුවෙන් acknowledgement එකකුත් අරගන්න....

ස්තූතී.

අද සිට ඇරඹෙන සිරි දළඳා දැක්මේදී වන්දනාකරුවන් සඳහාවාහන නැවැතුපළවල්පෝළිම් අවසන් වන ස්ථාන සනීපාරක්ෂක පහසුකම් සපයා ඇති ස්ථාන...
18/04/2025

අද සිට ඇරඹෙන සිරි දළඳා දැක්මේදී වන්දනාකරුවන් සඳහා
වාහන නැවැතුපළවල්
පෝළිම්
අවසන් වන ස්ථාන
සනීපාරක්ෂක පහසුකම් සපයා ඇති ස්ථාන
සහ තවත් වැදගත් තොරතුරු ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියේ යාවත්කාලීන කරන අතර,
දළදා වහන්සේ වැඳපුදාගැනීමට යන සියලු දෙනාට පහත ලින්ක් එකෙන් විස්තර ලබා ගත හැක.

🇱🇰

මේ link එකෙන් ගිහින් බලන්න.⇓⇓⇓

https://daladadekma.police.lk/roads
https://daladadekma.police.lk

හිතවත්, නොහිතවත් සියලු දෙනාට සතුට සෞභාග්‍යය පිරි නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා....
14/04/2025

හිතවත්, නොහිතවත් සියලු දෙනාට සතුට සෞභාග්‍යය පිරි නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා....

04/03/2025

03/03/2025

වඩුවාවල කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා,

ගිනිහප්පිටිය ගමේ
හැමෝගෙම ආදරණීය ආමන්ත්‍රණය "සර්"

බහුතරයක් වූ අපට හමුවෙන මිනිසුන්ට වඩා ගුණ යහපත්කම, කරුණාවන්තබව, ඉවසීම සමඟ පරිසමාප්ත අර්ථයෙන්ම මනුසත් ගුණාංග පිරි, තම දිවි පෙවෙතටම සරිලන ගෞරවණීය ගුරු වෘත්තිය රැකියාව ලෙස තෝරාගනිමින් ගමට රටට වටිනා සේවයක් කල ඔහු
නොසිතූ මොහොතක හදිසියේ ඇති වූ හෘදාබාධයකින් පෙරේදා (මාර්තු 01)
අළුයම අප අතරින් සදහටම සමු ගත්තේය.

ගිනිහප්පිටිය ජනතාව සමඟ හදවතින්ම බැඳි ලෙංගතුකමකින් දිවි ගෙවූ ප්‍රේමදාස මහතා
තරුණ අවදියේ පටන් ජීවිත ගමන නිම කරන තුරුම
අධ්‍යාපන අංශයේ තම රැකියාව කරමින් සිදු කල මෙහෙවරට අමතරව, නිරන්තරයෙන්ම තම හිතවතුන්, ගම්වාසීන් සමඟ එකතු වී සමාජයේ යහපත පිණිස කටයුතු කල අයෙකි.
සමාජයේ ජීවත්වන බහුතරයක් වූ මිනිසුන්ට වඩා ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී, කරුණාවන්ත ගුණ යහපත්කම් පිරි එනිසාම සුවිශේෂී වූ පුද්ගලයෙකි.

එවැනි යහපත් මිනිසුන්ගේ විරල බව හේතුවෙන් ඔහුගේ හදිසි වියෝවීම ගිනිහප්පිටිය ගම් වාසීන් වන අපට දරාගත නොහැකි ශෝකයකි.
ඊට හේතු වන්නේ එවන් යහපත් මිනිසුන් කාලීන සමාජයේ විරලවීම සහ එවැනි යහපත්කම් ඇති වෙනත් අසල්වාසියෙකු නොමැති වීම සහ අනාගතයේදීවත් එවැනි අසල්වාසියෙකු බිහි නොවන නිසාය.

කෙසේ වෙතත් ,
ඔබ අපෙන් සදහටම වෙන් වී ගොස් අවසන්‍ ය.
ඔබ කල කී දෑ මෙන්ම ඔබ ජීවිතය ගෙවූ ආකාරයට
බොහෝ අයට වඩා ඉක්මනින් ඔබ සසර ගමන කෙළවර කරනු ඇත.
ඒ සඳහා ඔබ ඉක්මනින්ම ධර්මය අවබෝධ කර ගනු ඇත.
මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවී, ඔබේ යහපත් වූ ගුණ ධර්මයන් තවත් වර්ධනය කර ගනිමින්,
මතු උපදින හැම භවයකදීම යහපත් ඇසුරම ලැබී තව තවත් ගුණ දහම් වර්ධනය කර ගනිමින් ඉක්මනින් නිවන් අවබෝධකර ගැනීමට ලැබේවා.......!!
කුඩාකල පටන් දශක ගණනාවක මතක සමඟින් ඔබගේ වියෝගය වෙනුවෙන් මෙසේ සංවේදී සංවේගය ප්‍රකාශ කර සිටිමි.

අවසන් කටයුතු අද (03) සවස ගිනිහප්පිටිය පොදු සුසාන භූමියේදී සිදු වේ.

එන්න.....ඔහු ගැන දන්න කියන, ඔහුගෙන් ඉගෙනගත්, නෑදෑ හිත මිතුරන් හැකි සියලු දෙනාම අපෙන් වෙන්වී මිහිදන්වීමට ප්‍රථම ඔහුගේ දේහය දැක බලාගන්න, අවසන් ගෞරවය දක්වන්න...

😢 😭 😢

🕯️

Address

Hemmatagama
71530

Alerts

Be the first to know and let us send you an email when Travel partner - Hemmathagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share