16/10/2025
විශේෂ දැණුවත් කිරීමක්.
______________________
රිවර්ස්ටන් කලාපයට පෙර දින(14) පස්වරුවේ ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් මාර්ගය එක් ස්ථානයකින් නාය යාම , තවත් ස්ථාන කිහිපයක පාරට පස් කඩා වැටීම් , ගස් කඩා වැටීම් නිසා කීප තැනක අවහිරවීම් සිදුව ඇති බැවින් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට තිබේ.
සේර ඇල්ල මාර්ගයේ ද අවහිරතා ඇතිව තිබේ.
එමෙන්ම දිවා කාලයේ සුන්දර තිබෙන අහස හවස් වන වින අසුන්දර වී සැඩ පරුෂ වන බැවින් කලාපයේ දිය පහරවල් වල ජල මට්ටම් අනපේක්ෂිත ලෙස ක්ෂණිකව ඉහල යාම ද පටන් සිදුවෙම්න් තිබේ.
කුමන හෝ විදිහක ට එන්න ට සිතුවද දිය පහරවල් වල නෑමෙන් වැලකීම තම ජීවිත ආරක්ෂාව ට හේතුවක් වෙනු ඇති බව ද කාරුණිකව දැණුම් දෙමි.
එමෙන්ම දූවිලි ඇල්ල, දුම්බර ඇල්ල ආදී දිය පහර කීපයක් හරහා වැටී ඇති මං පෙත් සංචාරයක අධි අවධානම් බැවින් මේ අයහපත් කාලගුණික තත්ත්වය පහව යන තෙරුවන් වැලකී සිටීමද සුදුසු වේ.
රිවර්ස්ටන් ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරය කරන්න ට සූදානමින් සිටින අය දැණුවත් වීම සඳහා හැකි අය මේ පණිවිඩය බෙදාගන්න.