09/06/2024
දුප්පත්කම දෝතින් දරාගත් මේ දරුවන් දෙදෙනා වාසය කරන්නෙ අප පාසලට පෝෂිත ගම්මානයක් වන ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේරගල ග්‍රාම නිලධාරි වසම තුළයි.මව සහ පියා නොමැතිව ආච්චි අම්මාගේ සෙවනෙහි සිටිමින් කිලෝමීටර් 4 පමණ දුරක් සෑම දිනකම පාසලට පැමිණෙන්නෙ පයින්.පාසල ආරම්භ වීමෙන් පසු පාසලට පැමිණෙන මෙම දරුවන් ආපසු නිවෙස් කරා යන්නෙ ද ඒ අයුරින්ම වීම නිසා
ඒ දරුවන්ගේ අධ්‍යාපනය සදහා පාසලට පැමිණීම සදහා පා පැදි දෙකක අවශ්‍යතාවයක් පවතී.(අලුත්ම පා පැදිවීම අවශ්‍ය නොවන අතර පරණ වුවද පාවිච්චි කළ හැකි පා පැදි දෙකක් වීමද ප්‍රමානවත් වේ.) ලබාදීමට හැකි අයෙකු සිටී නම් බොහොමයක් පින් අයිති වන කටයුත්තකි.
අමතන්න 0769257576 - නියෝජ්‍ය විදුහල්පති
(කරුණාකර මුදල් ලබා දීමට උත්සාහ නොකරන්න.)