Dilshan group

Dilshan group passengers transport services
food

Duminda Wickramaarachchi Duminda Bandara Nadun Kapila Ananda Milinda Wijegunarathne Janaka Sampath Janith Udayanga
21/10/2024

Duminda Wickramaarachchi Duminda Bandara Nadun Kapila Ananda Milinda Wijegunarathne Janaka Sampath Janith Udayanga

20/10/2024
Nimal Vithanage  Chameli Isuri Kaumi Vithanage Isura Deshan
14/10/2024

Nimal Vithanage Chameli Isuri Kaumi Vithanage Isura Deshan

03/10/2024
20/09/2024

CIB ONLINE සිත්තරා - Art Competition 2024

තේමාව : ඕනෑම මාතෘකාවක්

තරඟ විස්තරය : ඔබගේ දරුවා චිත්‍රය අතැතිව සිටින ජායාරූපයක් මෙම Post එකට Comment කළ යුතුය.(එම Comment එකේ Screenshot එකක් සමඟ චිත්‍රයේ ජායාරූපය Messenger හෝ WhatsApp (0772426664) මගින් CIB Online වෙත ලැබීමට සැලැස්විය යුතුය. CIB Online Store Facebook හා Instagram Pages Follow කර තිබීම හා මෙම Post එක Share කර තිබීම අනිවාර්ය වේ.)

කාල සීමාව : චිත්‍ර භාරගනු ලබන අවසාන දිනය වන්නේ සැප්තැම්බර් 30

වයස් සීමාව : අවුරුදු 10ට අඩු

ප්‍රමාණය : A4 කඩදාසියක්

මාධ්‍යය : ඕනෑම මාධ්‍යයක්

ත්‍යාග : දක්ෂතම සිත්තරාට හා තෝරා ගනු ලබන තවත් ජයග්‍රාහකයින් 10 දෙනෙකු සඳහා තෑගි සහ වටිනා සහතිකපත්

ජයග්‍රාහකයින් තෝරා ගන්නා ආකාරය : ප්‍රවීන විද්වත් විනිශ්ච මණ්ඩලයක් මගින් අවසාන ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන අතර විනිශ්ච මණ්ඩලය මගින් ගන්නා තීරණය අවසාන තීරණය වේ. ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනයේදී ජයග්‍රාහකයින් නම් කරනු ලැබේ.

තරඟ කොන්දේසි : එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කල හැක්කේ එක් චිත්‍රයක් පමණි.

වැඩි විස්තර සඳහා අමතන්න. (011 284 9428 / WhatsApp- 077 242 6664)

Dasuni Prathibha aga tikak adukara ganna balanna nangi
09/09/2024

Dasuni Prathibha aga tikak adukara ganna balanna nangi

20/05/2024

1. දරුවන්ගේ ශාරීරික පෙනුම හා වෙනස්කම්

දරුවෙක්ගේ උස, බර, මහත, පාට හෝ ඕනෑම භෞතික ලක්ෂණයක් වේවා, ඔවුන්ගේ ශාරීරික පෙනුම ගැන උසුළු විසුළු කිරීම (හෝ ප්‍රකාශයක් කිරීම) ඔවුන්ගේ ආත්ම අභිමානයට සැලකිය යුතු ලෙස බලපාන්නට පුළුවන්. ඒකට හේතුව දරුවන් තවමත් තමන් පිළිබඳ හැඟීමක් වර්ධනය කරමින් සිටින්නේ. ඒ නිසා ඔවුන්ගේ පෙනුම පිළිබඳ ඔබේ නිෂේධාත්මක අදහස් ඔවුන්ගේ පසුකාලීන ජීවිතයේ පෞරුෂ දුබලතා වලට දායක වෙන්නට පුළුවන්.

"මොකෝ කටහඬ ඒම වෙනස් වෙලා දැන් මනමාල පාටට"

"මෙයා මෙච්චර කලු ඇයි අනේ.. අනිත් අය මෙහෙම නෑනේ"

"මෙයා නම් ඔයාලගෙ පවුලෙ කෙනෙක් කියන්න බෑ"

"ඔච්චර ක්‍රීම් පවුඩර් ගාන්නෙ උඹ මහ ලොකු ලස්සනයි කියල ද හිතේ.. ඕව ගෑවට උපන් කැත යවන්න බෑ"

"අපේ අහලකින් වත් ගිහින් නෑ අනේ මෙයා"

මෙන්න මේ වගේ දේවල් බොහෝවිට නෑදෑයන් වගේම දෙමාපියන් ද දරුවන්ට කියනවා ඔබට ඇහිලා ඇති. ඒ වෙලාවට වැඩිහිටියන් එක්ක එකටෙක කියාගන්න බැරිකමට දරුවො නිහඩව ඉන්නවා උනත් ඔවුන් ඇතුලතින් සෑහෙන්න බිඳී යනවා. තමන් ගැන සෘණාත්මක සිතුවිලි අදහස් පුංචි සිත් තුළ ඇති වෙනවා. ඒවා දරුවන්ට ලේසියෙන් අමතක වෙන්නෙ නෑ.

2. බුද්ධි මට්ටම හා අධ්‍යාපනික දුර්වලතා

"මොකක්ද ! හාපෝ ඔච්චර පන්ති ගිහින් B එකක් ද තියෙන්නෙ?
"මෙයා පාඩම් කරපු හැටියට අපි නම් හිතුවෙ දිස්ත්‍රික් ෆස්ට් වෙයි කියල"

හැම දරුවෙකුටම අද්විතීය ශක්තීන් සහ දුර්වලතා තියෙනවා. ඒ නිසා දරුවන්ගේ බුද්ධිය ගැන එකිනෙකාව සංසන්දනය කරමින් ඒ ගැන විහිළු කිරීම ඔවුන් තුළ අනවශ්‍ය ආතතියක් ඇති කරන්නට හේතුවක්. ශ්‍රේණි කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, ඉගෙනීමට ඇති කැමැත්ත උනන්දුව දිරිමත් කරමින් දරුවන්ට සහාය වීමයි අත්‍යවශ්‍ය.

3. දරුවන්ගේ විනෝදාංශ සහ රුචිකත්වයන්

ළමයින් බොහෝ විට ඔවුන්ගේ ආශාවන් සොයා ගැනීමට විවිධ විනෝදාංශ ගවේෂණය කරනවා. මේවා ගැන සමච්චල් කිරීම ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ ආත්ම විශ්වාසය අධෛර්යමත් කරන්නට පුළුවන්.

"මේ බලන්න මෙයාගෙ වැඩේ අහක දාන කුණු ගොඩවල් එකතු කරන එක"
"මෙයාට නම් එසේ මෙසේ පිස්සුවක් නෙවෙයි අනේ තියෙන්නේ"

මේ වගේ ප්‍රකාශ වෙනුවට ඔවුන්ගේ ගවේෂණය දිරිමත් කිරීමත් ඒ ඒ වයස් වල කුතුහලය පිරි ඇසින් ලෝකය දෙස බැලීම වැනි ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගනිම්න් විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට වැඩිහිටියන් උපකාර කළ යුතුයි.

4. මිත්‍රත්වය සහ සමාජ කුසලතා

දරුවන්ගේ සමාජ කුසලතා ගැන උසුළු විසුළු කිරීම ඔවුන්ගේ අනාරක්ෂිත භාවය වැඩි කරන්නට හේතුවක්. ඒකට හේතුව දරුවන්ගේ පෞරුෂය අන්තර්වර්ති හා බහිර්වර්තී විදියට දෙයාකාරයි. අන්තර්වර්ති පෞරුෂයක් හිමි දරුවන් සමාජයට යන්නෙ අඩුවෙන්. ඒවා තේරුම් නොගෙන උසුළු විසුළු කරනවා වෙනුවට, දෙමාපියන් විසින් දරුවන්ට සමාජීය කුසලතා වර්ධනය කරගන්නටත් සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගන්නටත් උපකාර කරන්නට ඕනි.

"ඔච්චර ලැජ්ජා වෙන්න එපා! යන්න යන්න හලෝ කියන්න!"

"මොකද මොකද මේ කාමරේ අස්සටම වෙලා ආ"

සමාජගත වීම සම්බන්ධයෙන් දුෂ්කරතා අත්විඳින දරුවන්ට මෙසේ අපහසුතාවයට පත්වන අයුරින් තල්ලු කරන වැඩිහිටියන් කොච්චර ඉන්නවාද? ඒ නිසා දරුවොත් එක්ක ගනුදෙනු කරනකොට ඔබේ වචන පාලනය කරගන්න.

"මම දැක්කා ඔයා එමී එක්ක සෙල්ලම් කරනවා. එයා ඔයාගේ පෙම්වතියද?"

මිතුරෙකු වෙනස් ලිංගිකයෙක් වූ පමණින් ඔවුන් ස්වයංක්‍රීයව "පෙම්වතිය" හෝ "පෙම්වතා" බවට පත් කර දරුවන්ට විහිළු කරන වැඩිහිටියන් ඔවුන් නිසා දරුවන්ට ඇති වන අපහසුතාවයත් ලැජ්ජාවේත් බරපතළකම දන්නෙ නෑ. ඒ නිසා අපි අපේ දරුවන් සඳහා විරුද්ධ ලිංගික මිතුරුකම් දිරිමත් කළ යුතුයි.

5. දරුවන් මුහුණ දෙන පුද්ගලික අභියෝග හෝ දුෂ්කරතා

"අමාරුකම් තියාගෙන මොකටද සෙල්ලම් කරන්න ගියෙ. අනිත් ලමයි කරන ඔක්කොම ඔයාට කරන්න පුළුවන් කියල හිතුවද, ඔයා ආබාධිතයෙක් කියල අමතක කරන්ඩ එපා"

ලොකු කුඩා සෑම කෙනෙකුම අභියෝගවලට මුහුණ දෙනවා. දරුවන්ටත් ඒක පොදුයි. ඒ නිසා දුෂ්කරතා අභියෝග ගැන ඔවුන්ව සමච්චලයට ලක් කිරීමෙන්, ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ දමන්නට ඔබ හේතුවක් වෙනවා. ඒ වෙනුවට, බාධක ජය ගැනීමට ඔවුන්ට උපකාර කරමින් නිරන්තර දිරිගැන්වීමක් ලබා දෙන්න.

දරුවො හුඟක් සංවේදී.. ඒක අමතක කරන්නට එපා. ඔබ නොහිතා කියන එක වචනයකට පුළුවන් ඔවුන්ව සම්පූර්ණයෙන්ම ඇතුළතින් බිඳුනු දරුවන් බවට පත් කරන්නට. මගේ ජීවිතයේ පවා පුංචි කාලේ වචන වලින් මාව අපහසුතාවයට පත් කරපු වැඩිහිටියන් ඉන්නවා. ඒ හැඟීම කොතරම් ද කියනවා නම් අදටත් මං ඔවුන්ගේ මුහුණ දෙස බලා ලෙංගතුකමින් කතා කරන්නටවත් ඔවුන් මුණ ගැසෙනවාටවත් ආස නෑ.😐 වචන ඉතා ප්‍රභලයි. ඒ වචන දරුවන්ට ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ.. අනේ ඒ නිසා බිඳුණු දරුවන් හදන්නට එපා.. දරුවන්ට ආදරණීය ලෙස කතා කරමින් ඔවුන් ලොකු මහත් වූ දිනෙක ළමා කාලය සිහි කරද්දී ආදරයෙන් මතක් කරන වැඩිහිටියෙක් වෙන්න..💚

උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න ❤️

(පුංචි දරුවො සහ අම්මලා ගැන ලියන ලිපි වලින් හුඟක් දෙනා අහනවා මං child counseling කරනවාද කියා, අනේ නෑ මං දැනට බබාලත් එක්ක වැඩ කරන්නේ නෑ, මේ දේවල් ඉඳහිටල හෝ ලියන්නේ, මේ වගේ පුංචි ඒත් වැදගත් කාරණා ගැන ලොකු හිඩැසක් අද අපේ වැඩිහිටියන් තුළ දකින්න ලැබෙන නිසා, දරුවන්ට වෙන මානසික පීඩාවන් මේ කියවන එක්කෙනෙක් හරි අතින් ආයිත් සිදු නොවේවි කියන අපේක්ශාවෙන්..❤️)

Madhushika Udagedara

Copied

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share