Southern Provincial Road Passenger Transport Authority

Southern Provincial Road Passenger Transport Authority Southern Provincial Road Passenger Transport Authority - SPRPTA

https://www.facebook.com/share/p/1BNBq3t7ne/
26/05/2026

https://www.facebook.com/share/p/1BNBq3t7ne/

වෙසක් එකට ගම්බිම් කරා යන ඔබට පහත ගමනාන්තයන් සදහා අධිවේගී මාර්ග සහ අනෙකුත් දුරගමන් සේවා බස් රථ ආසන Online වෙන්කරවා ගන්න දැන් පුලුවන්.
* කතරගම
* ඇඹිලිපිටිය
* කොලොන්න
* උඩවලව
* අම්පාර
* මොණරාගල
* මහනුවර
* අගුණුකොලපැලැස්ස
* ගාල්ල
* මාතර
* මිද්දෙණිය
* මත්තල

වැඩි විස්තර සදහා :
📞 0112 001 266
🌐 www.busticket.gov.lk

" ඔයාගේ තැන, ඔයාටමයි...!දුර ගමන් බස් රථ සේවාවන් වෙනුවෙන්, මාර්ගගත ක්‍රමය හරහා ආසන වෙන් කර ගැනීමට වෙබ් අඩවියක් ...!
06/05/2026

" ඔයාගේ තැන, ඔයාටමයි...!

දුර ගමන් බස් රථ සේවාවන් වෙනුවෙන්, මාර්ගගත ක්‍රමය හරහා ආසන වෙන් කර ගැනීමට වෙබ් අඩවියක් ...!

Online Bus Ticket Booking Sri Lanka, Bus Booking, Bus Seat Booking

https://www.facebook.com/share/p/1GBUT6ncaf/
27/04/2026

https://www.facebook.com/share/p/1GBUT6ncaf/

🔴 ආර්ජන්ටිනා තරුණියකගේ
අස්ථානගත වූ ගමන් මල්ල සොයා දී
නියමිත වේලාවට ගුවන්තොටුපළට යැවීමට
නිලධාරීන්ගෙන් සහයක්

මෙරට සංචාරයක නිරත වී නැවත සිය මව් රට බලා යෑමට සූදානම්ව සිටි 33 හැවිරිදි ආර්ජන්ටිනා ජාතික තරුණියක බස් රථයක අමතක වී දමා ගිය වටිනා ලියකියවිලි සහිත ගමන් මල්ල ඉතා කෙටි වේලාවක් තුළ සොයා දීමට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සමත් විය.
ගාල්ලේ සිට මාතර බලා බස් රථයකින් ගමන් කරමින් සිටි මෙම තරුණියට සිය ගමන් මල්ල බස් රථයේ අමතක වී ගොස් තිබුණි. ඇය විදේශගත වීමට නියමිත ගුවන් යානය සඳහා වේලාව ඉතා ආසන්නව තිබූ බැවින් මෙම ලියකියවිලි අහිමි වීම ඇයට විශාල ගැටලුවක් විය.
ඇය සතුව බස් රථය පිළිබඳ නිවැරදි තොරතුරක් නොතිබුණ ද ඇය ලබා දුන් ඡායාරූපයක් පදනම් කර ගනිමින් අදාළ බස් රථය හඳුනා ගැනීමට නිලධාරීන් සමත් විය. දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් දර්ශන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සිය නිවාඩු කාලය පවා නොතකා මේ සඳහා කඩිනමින් මැදිහත් වී තිබේ.
මාතර පොලිසිය සහ මිරිස්ස සංචාරක පොලිසිය සමඟ එක්ව අදාළ බෑගය සොයාගත් නිලධාරීන් එය වහාම තරුණිය වෙත භාර දීමට කටයුතු කළහ. අනතුරුව ඇයට ගුවන් යානය වෙත යාමට ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බැවින් ඉතා ඉක්මනින් කටුනායක ගුවන් තොටුපළ වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සලසා දීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
නිලධාරීන්ගේ මෙම මානුෂීය සහ කැපවීමෙන් යුත් ක්‍රියාව පිළිබඳව ආර්ජන්ටිනා ජාතික තරුණිය සිය කෘතඥතාව පළ කර සිටියි.

Address

No. 67, Leynbaan Street, Fort
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912234237

Alerts

Be the first to know and let us send you an email when Southern Provincial Road Passenger Transport Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Southern Provincial Road Passenger Transport Authority:

Share