Railway station horape

Railway station horape Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Railway station horape, Horape.

24/11/2025
05/05/2025

"උප දුම්රිය ස්ථානාධිපතිවරුන් පිලිබදව රිට් පෙත්සමට ජනපති ඇතුලු වගඋත්තරකරුවන් 13 ක් නම් කරමින් අභියාචනාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ..."

උප දුම්රිය ස්ථානාධිපතිවරුන් සම්බන්දයෙන් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ගරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමක් අද දින පෙරවරු 10.00 ට මුල් දින කැදවීමෙන් අනතුරුව, එහි කරුණු සලකා බලා වග උත්තරකරුවන් 13 දෙනෙකු නම් කරමින් නොතීසි නිකුත් කෙරිණ.

මුදල් අමාත්‍ය ,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන, කලමණාකරණ සේවා අධ්‍යක්ෂක ජනරාල් විමල් එස්.කේ.ලියනගම, අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ජූඩ් නිලුක්ෂාන් , විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න , ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක , ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ.පෙරේරා, ප්‍රවාහන අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (දුම්රිය පාලන) සුදත් රත්නවීර, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය වෛද්‍ය ඒ.එච්.එම්.එච්.අභයරත්න, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ.චන්දන කුමාරසිංහ හා නීතිපතිවරයා යන වග උත්තරකරුවන්ට එලෙස අද දින නොතීසි නිකුත් කෙරිණ.

පසුගිය වසරේ සැප්තැම්බර් 05 දිනැතිව අභියාචනාධිකරණය හමුවේ විභාග වූ රිට් පෙත්සමේදී, තවදුරටත් සහන සහ කරුණු වැඩිදුරටත් දක්වමින් පෙත්සම සංශෝධනය කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ලද නියෝගයකට අනුව, එදින පෙත්සම අවසන් කර තිබිණ.එබැවින් , අදාල පෙත්සම වැඩිදුරටත් කරුණු දක්වමින් අද දින මුල්වරට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

21/02/2024

අවුරුද්දේ පැය විසිහතරම සේවය කර ගෙදර ගියත් විශ්‍රාම වැටුපක් නෑ....

දින 365 දීම පැය 24ක් සේවය කරන උප දුම්‍රිය ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් පල වූ ලිපිය මොනරා ජාතික පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.

2024.02.21

13/09/2023

අද දින සවස දුම්රිය ධාවනය ...
2023.09.13 වන දින..

අද දින සවස කාර්යාල දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව , ගමන් වාර 37ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කටයුතු යොදා ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද , පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 04 ක් හා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 3 ක් එයට ඇතුලත්ව ඇත.

🙏🙏🙏
02/08/2023

🙏🙏🙏

⭕🔴පොසොන් උත්සවය වෙනුවෙන් ධාවනය කරන විශේෂ දුම්රිය ධාවන කාලසටහන-2023⭕🔴
02/06/2023

⭕🔴පොසොන් උත්සවය වෙනුවෙන් ධාවනය කරන විශේෂ දුම්රිය ධාවන කාලසටහන-2023⭕🔴

14/04/2023

☀️සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ...!
☀️Happy New Year to you all...!
☀️உங்கள் அனைவருக்கும் இனிய புத்தாண்டு வாழ்த்துக்கள்...!

04/04/2023

#️⃣ #️⃣🔹සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් වු විශේෂ දුම්රිය ධාවනය - 2023

2023.04.04

03/04/2023

Address

Horape
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Railway station horape posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share