Hasthi Tours and Holiday Vacations Sri Lanka.

Hasthi Tours and Holiday Vacations Sri Lanka. "Welcome to Hasthi Tours and Holiday Vacations Sri Lanka! Let us Guide you Through Sri Lanka's Beauty for an Unforgettable Experience!"

With 18+ Years in Tourism, We Offer Safe, Comfortable Transport and Personalized Tours Across the Island. "Explore the Beauty of Sri Lanka with Hasthi Tours and Holiday Vacations. I Provide Personalized and Reliable Transport Services, Offering Private Car and Van options for a Comfortable and Memorable Journey. Whether you're a Solo Traveler, Family, or Group, I Ensure Safe, Stress-Free, and Enjoyable Travel Experiences Across the Island's Stunning Destinations."

Sri Lanka Tourism Warmly Welcomes Travelers for the Upcoming SeasonSri Lanka Tourism extends a warm invitation to travel...
25/10/2024

Sri Lanka Tourism Warmly Welcomes Travelers for the Upcoming Season

Sri Lanka Tourism extends a warm invitation to travelers from around the world to visit Sri Lanka during the upcoming tourist season. We ensure that all tourists can enjoy a safe and secure experience while exploring the beauty of our island. The highest levels of safety and security will be maintained for all visitors throughout their stay in Sri Lanka.

We look forward to offering every traveler a memorable and enjoyable stay in Sri Lanka.

Arugam Bay, Sri Lanka 🇱🇰🌊🏄‍♀️ලෝකයේ Surfing ලෝලීන් අතර ප්‍රසිද්ධ ම තැනක් තමයි ලංකාවෙ ආරුගම්බේ කියන්නෙ...
25/10/2024

Arugam Bay, Sri Lanka 🇱🇰🌊🏄‍♀️

ලෝකයේ Surfing ලෝලීන් අතර ප්‍රසිද්ධ ම තැනක් තමයි ලංකාවෙ ආරුගම්බේ කියන්නෙ...

හෝර්ටන්තැන්න මෙච්චර වටිනවාද😍🌿😱🌾🌻🌼"හෝර්ටන්තැන්න" කියන්නේ අධි සංවේදි පරිසර කලාපයක්, මේවගේ තියෙන සමහර පාසි වර්ග, සමහර සත්ව ...
22/07/2024

හෝර්ටන්තැන්න මෙච්චර වටිනවාද😍🌿😱🌾🌻🌼

"හෝර්ටන්තැන්න" කියන්නේ අධි සංවේදි පරිසර කලාපයක්, මේවගේ තියෙන සමහර පාසි වර්ග, සමහර සත්ව විශේශ ලෝකේ කොහෙවත් නෑ. ලංකාවට ආවේණිකයි, ඒවගේම ලංකාවෙන්ම තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ විතරයි , ඒකයි හෝර්ටන් තැන්නේ හැම්තැනම ගහලා තියෙන්නේ තණකොළ පාගන්න එපා කියලා එහෙම. ඇහැට පේන්නේ නැති කුඩා ජීවීන් ඉන්නවා( පොඩි මකුලුවෝ වර්ග පවා) මේවා ලංකාවට ආවේණික වීම විශේශයක්, ඒකයි මේවට අධි සංවෙදි පරිසර පද්ධති කියන්නේ. ගෙවල් වල සහ අනිත් තැන් වල ගස් ගල් උඩ නගිනවා වගේ නෙවෙයි, මේවට නැග්ගම අන්න ඒකයි වෙනස....

ඒ වගේම ඔය ලංකාවට ආවේණික කුඩා කුඩා සත්තු, ( මකුලුවෝ, කටුසු පැට්ටු ) වගේ සත්තු විදේශිකයන් පරීක්ශන වලට ජාන විකුර්ති කරන්න අරන් යනවා කියලා මන් අහලා තියනවා. ඒකට ලංකාවේ ගහන දඩේ හරිම සුලු මුදලක් ලු. ඊට වඩා ඒ සතා විකිනීමෙන් ලැබෙන ලාබය අධිකයි ලු. ඒ නිසා මේ ජාවාරම දිගින් දිගටම වෙනවා කියලා තමා ආරන්චිය, ඒ වගේම අර සතාට කෑම දෙන එකත් අනුමත කරන්න බෑ. ඊටපස්සේ දිගටම උන් මිනිස්සුන්ගේ කෑම වලට යැපෙන්න පුරුදු වෙනවා. විශේශයෙන් පිටි සහිත ආහාර ගෝනුන්ට සුදුසුම නැ. ඔවුන්ගේ ආමාශ ඒවට හැඩගැහිලා නෑ. ඒවා කන්න කන්න ඔවුන් ඉක්මනට මරණයට පත් වෙන එක වෙන්නේ.

තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගන්න අධි සංවේදී පරිසර පද්ධතියට වටිනාකම. ලෝකෙටම එකයි, ඒකත් ලංකාවේ විතරයි හෝර්ටන් තැන්නේ තියම සමහර සත්තු හා ගස් , දිලීර එහෙම......

හෝර්ටන් තැන්න හරියට ලංකාවේ හදවත වගේ. දවසින් වැඩි හරියක් වැස්ස පින්න හෝ මීදුම තියෙනවා , මේක ස්පොන්ජ් එකක් වගේ සරලව කිව්වොත්. වතුර උරාගෙන පහල උල්පත් ජලමූලාශ්‍ර වලින් ගංගා ඇලදොල නිර්මාණය වෙනවා, ඒකයි හදවත වගේ කිව්වේ හදවතත් මුලු ඇගටම ලේ පොම්පකරනවා වගේ තමා මේකත් ❤️

ඒ නිසා මේ වටිනා සම්පත රැකගැනීම අප හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්!

උපුටා ගැනීම.

✍️Sahan Sadun

ලොව පුරා කොටින්ගේ විවිධත්වය වර්තමාන ලෝකයේ ජීවත් වන බළල් කුලයේ සත්ත්ව විශේෂ අතරින් එක් විශේෂයක් වන කොටියා (Panthera pardu...
13/05/2024

ලොව පුරා කොටින්ගේ විවිධත්වය

වර්තමාන ලෝකයේ ජීවත් වන බළල් කුලයේ සත්ත්ව විශේෂ අතරින් එක් විශේෂයක් වන කොටියා (Panthera pardus) ආසියාවේ සමහර ප්‍රදේශවල සහ අප්‍රිකානු සහරා උප කලාපයේ පුළුල් පරාසයක දක්නට ලැබෙයි. බළල් කුලයේ අනෙකුත් සාමාජිකයන් හා සසඳන විට, සාපේක්ෂව කොටින්ට දිගු ශරීරයක් සහ කෙටි කකුල් ඇත. ඔවුන්ගේ ඝන ලප (rosettes) සහිත ලොම් දක්නට ලැබෙයි. අර්ධ කාන්තාර ප්‍රදේශ, සැවානා, සමකාශ්‍රිත වනාන්තර, කඳුකර වනාන්තර, පතනශීලී වනාන්තර ඇතුළු විවිධ දේශගුණික තත්ත්වයන් සහිත විවිධ පරිසර වල මොවුන් ජීවත් වේ. මොවුන් මෙම විශාල ප්‍රදේශයේ විවිධ සත්ත්ව ගහන ප්‍රමාණ වලින් ව්‍යාප්ත වී ඇත. එලෙස ව්‍යාප්තව ඇති ගහනයන්ගේ ශරීර වර්ණයන් සහ ඝන ලප (rosettes) වල ස්වරූපයන් එම පරිසරයන්ට අනූව අනුවර්තනය වී ඇත. අතීතයේ දී කොටින් උප විශේෂ විශාල සංඛ්‍යාවකට බෙදා ඇති අතර ඒවා වර්තමායේ දී රූපාණුදර්ශීව (phenotypically) හඳුනාගත හැකි සහ ජානමය වශයෙන් වෙනස් වූ උප විශේෂ නවයකට බෙදා ඇත.

1) ශ්‍රී ලංකානු කොටියා
SN: Panthera pardus kotiya
E: Sri Lankan Leopard
• ශ්‍රී ලංකාවට ආවේණික කොටින්ගේ උප විශේෂයකි. මොවුන්ගේ තද පැහැති හෝ දුඹුරු - කහ පැහැති ලොම්වල අඳුරු ලප (rosettes) පිහිටා ඇත. ශ්‍රී ලංකානු කොටියා ශුෂ්ක ලඳු කැලෑ, වැසි වනාන්තර, උස් කඳුකර වනාන්තර සහ වියළි සදාහරිත මෝසම් වනාන්තර ඇතුළු දිවයිනේ පුළුල් පරාසයක වාසස්ථාන වල ව්‍යාප්තව ඇත.

2) ජවානු කොටියා
SN: Panthera pardus melas
E: Javann leopard
• දැඩි තර්ජනයට ලක්ව ඇති ජවානු කොටියා ඉන්දුනීසියානු ජාවා දූපතට ආවේණික වේ. මොවුන්ගේ නිලීන රූපනුදර්ශ්‍යක් (recessive phenotype) හේතුවෙන් සම්පූර්ණයෙන්ම කළු හෝ සමාන්‍ය ලප සහිත ලෝම ඇත.

3) ඉන්දුචීන කොටියා
SN: Panthera pardus delacouri
E: Indochinese leopard
• ඉන්දුචීන කොටියා දකුණු චීනයට සහ අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියට ආවේණික වේ. මොවුන් ක්‍රා ඉස්ත්මස් (Kra Isthmus) වලට දකුණින් ප්‍රධාන වශයෙන් කළු පැහැ ස්වරූපයක් සහ ඉස්ත්මස් (Isthmus) වලට උතුරින් ප්‍රධාන වශයෙන් පැල්ලම් සහිත ස්වරූපයක් පෙන්නුම් කරයි.

4) අමූර් කොටියා
SN: Panthera pardus orientalis
E: Amur leopard
• අමූර් කොටියා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගිනිකොනදිග රුසියාව සහ ඊසානදිග චීනයේ ජීවත්වන උප විශේෂයකි. WWF දත්ත වලට අනුව,වර්තමායේ ජීවත් වන්නේ අමූර් කොටියන් 70 ක් පමණි. මෙම කොටින් ජීවත් වන ශීත දේශගුණය තුළ පැවැත්මට සුදුසු ඝන, පැල්ලම් සහිත ලෝම මගින් මෙම උප විශේෂය අනෙකුත් උප විශේෂවලට වඩා වෙනස් වේ.

5) උතුරු - චීන කොටියා
SN: Panthera pardus japonensis
E: North-Chinese leopard
• උතුරු-චීන කොටියා උතුරු චීනයට ආවේණික වේ. මොවුන් අමූර් කොටියාගේ ප්‍රමාණයට ආසන්නව සමාන වේ. ලෝම අඳුරු වන අතර තැඹිලි පැහැයෙන් යුක්ත වේ. ලප (rosettes) ද අඳුරු වන අතර වඩාත් සමීප පරතරයකින් යුක්ත වේ.

6) පර්සියානු කොටියා (කොකේසියානු කොටියා)
SN: Panthera pardus tulliana
E: Persian leopard
• පර්සියානු කොටියා යනු කොටියන්ගේ විශාලතම උප විශේෂය වන අතර එහි නිජබිම වන්නේ ටර්ක්මෙනිස්තානය, අසර්බයිජානය, ඉරානය සහ බටහිර ඇෆ්ගනිස්ථානය ආවරණය වන කොකේසස් කලාපයටයි (Caucasus region).

7) අරාබියානු කොටියා
SN: Panthera pardus nimr
E: Arabian leopard
• අරාබි අර්ධද්වීපය නිජබිම වන අරාබියානු කොටියා යනු දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උප විශේෂයකි. මොවුන්ගේ උප ගහණය සත්ත්වයින් 50කට අඩු ගණනකට සීමා වේ. මොවුන්ට ළා කහ සිට අඳුරු රන්වන් පැහැයක් දක්වා වෙනස් වන ලෝම වර්ණයක් ඇත.

8) ඉන්දියානු කොටියා
SN: Panthera pardus fusca
E: Indian leopard
• ඉන්දියානු කොටියා ඉන්දියානු උපමහාද්වීපයේ දක්නට ලැබෙන අතර අවදානමට ලක්විය හැකි උප විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත. 2014 සමීක්ෂණයකින් ඉන්දියානු කොටියන් 12,000 ත් 14,000 ත් අතර සිටින බව සොයාගෙන ඇත.

9) අප්‍රිකානු කොටියා
SN: Panthera pardus pardus
E: African leopard
• අප්‍රිකානු කොටියා යනු අප්‍රිකානු මහාද්වීපයට ආවේණික උප විශේෂයකි. අප්‍රිකානු සහරා උප කලාපය පුරා බහුලව ව්‍යාප්ත වුවද, අප්‍රිකානු කොටියාගේ ඓතිහාසික පරාසය දැඩි ලෙස ඛණ්ඩනය වී ඇත. අප්‍රිකානු කොටියාගේ සමේ වර්ණය ළා කහ සිට කළු දක්වා අඳුරු රන්වන් හෝ ළා දුඹුරු දක්වා වෙනස් වේ.

ලොව වටා හස්තීන්ගේ විවිධත්ත්වයවර්තමානය වනවිට ලොව හස්තීන් විශේෂ තුනක් සිටියී. අප්‍රිකානු සැවානා අලියා (Loxodonta africana)...
05/05/2024

ලොව වටා හස්තීන්ගේ විවිධත්ත්වය

වර්තමානය වනවිට ලොව හස්තීන් විශේෂ තුනක් සිටියී. අප්‍රිකානු සැවානා අලියා (Loxodonta africana) සහ අප්‍රිකානු වනාන්තර අලියා (Loxodonta cyclotis) අප්‍රිකාවේ ජීවත් වන විශේෂ වන අතර ආසියානු අලියා (Elephas maximus) ආසියාවේ සහ ඊට අයිති ශ්‍රී ලංකාව, සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත් වල ව්‍යාප්ත වී සිටින විශේෂය වේ. ආසියානු අලි උප විශේෂ හතරක් ලෙස ව්‍යාප්ත වී ඇත.

1) ඉන්දියානු අලියා
SN: Elephas maximus indicus
E: Mainland or Indian elephants
• මෙම උප විශේෂය අනෙකුත් උප විශේෂයන්ට සාපේක්ෂව විශාල ලෙස භූමියේ ව්‍යාප්තව ඇත. ආසියානු ප්‍රධාන භූමියේ දක්නට ලැබේ.

2) ශ්‍රී ලංකානු අලියා
SN: Elephas maximus maximus
E: Sri Lankan elephants
• මෙම උප විශේෂයට අනෙකුත් උප විශේෂවලට සාපේක්ෂව විශාලතම ශරීර ප්‍රමාණය සහ අඳුරුතම සමේ වර්ණය ඇත. ව්‍යාප්තව අත්තේ ශ්‍රී ලංකාවේ පමණි.

3) සුමාත්‍රානු අලියා
SN: Elephas maximus sumatranus
E: Sumatran elephants
• දැඩි වාසස්ථාන අහිමි වීම හේතුවෙන් මෙම උප විශේෂ ගහනය වඳවීමේ අවදානමට ලක්ව ඇත. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්වල මොවුන් ජීවත් වේ.

4) බෝර්නියානු අලියා (කුරු අලියා)
SN: Elephas maximus borneensis
E: Borneo elephants
• වර්තමානයේ ජීවත්වන කුඩාම අලි ඇතුන්ය. ඔවුන්ගේ වාසභූමිය බෝර්නියෝ දූපතේ ඛණ්ඩනය වූ වනාන්තරයි.

අප්‍රිකානු අලි සාමාන්‍යයෙන් ආසියානු අලින්ට වඩා ශරීර උසකින් යුක්ත වේ. අප්‍රිකානු අලින්ගේ කන් ආසියානු අලින්ට වඩා විශාල වන අතර අප්‍රිකාව හැඩැති කන් මෙන් දිස්වේ. අලි හෝ ඇතුන් ගේ ඇති දිගු කෘන්තක (දළ) ආසියානු සහ අප්‍රිකානු අලි ඇතුන් වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන වෙනස්කමක් වේ. අප්‍රිකානු අලි ඇතුන්ගේ ගැහැණු සහ පිරිමින්ට දළ යුගලයක් පවතින අතර ආසියානු අලි ඇතුන්ගේ සමහර පිරිමි සතුන්ට පමණක් දළ යුගලයක් පවතියි.

අප්‍රිකානු සැවානා අලි (Loxodonta africana) සහ අප්‍රිකානු වනාන්තර අලි (Loxodonta cyclotis) විශේෂ දෙක අතර ඇති ප්‍රධාන වෙනස්කම් වන්නේ ඔවුන්ගේ වාසස්ථාන හා ශරීර ප්‍රමාණයි. අප්‍රිකානු සැවානා අලි ජීවත් වන්නේ ඔවුන්ගේ නම් යෝජනා කර ඇති ආකාරයටම සැවානා වාසස්ථානවල ය. ඔවුන් කෙන්යාවේ, සැම්බියාවේ හෝ නැමීබියා ජනරජයේ සැවානා වල දක්නට ලැබේ. අප්‍රිකානු වනාන්තර අලි ගැබොන් සහ කොංගෝ ජනරජයේ දක්නට ලැබෙන මධ්‍යම අප්‍රිකානු මහාද්වීපයේ නිවර්තන වැසි වනාන්තරවල ජීවත් වේ. සැවානා අලි ඇතුන් වනාන්තර අලින්ට සාපේක්ෂව විශාල ශරීර ප්‍රමාණයකින් යුක්ත වේ. ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් විශේෂ දෙකෙහිම සංරක්ෂණ තත්ත්වය “අවදානම් (Vulnerable)” ලෙස දක්වා ඇත.

සටහන: තාරුක දිල්ශාන් (රජරට විශ්වවිද්‍යාලය)

ශෙයා කිරීම ගොඩාක්  වටිනවා ගැටඹේ බෝධිය පිළිබඳ මේ තතු ඔබ දන්නවාද?මහනුවර සිට කොළඹට විහිදෙන ප්‍රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ...
09/03/2024

ශෙයා කිරීම ගොඩාක් වටිනවා ගැටඹේ බෝධිය පිළිබඳ මේ තතු ඔබ දන්නවාද?

මහනුවර සිට කොළඹට විහිදෙන ප්‍රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්‍රකට ගැටඹේ රාජෝපවනාරාමයේ පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත. මේ බෝධිය පිළිබඳ රසවත් කතා පුවතක් මෙහි දැක්වෙයි. මහනුවර සිට ගැටඹේ බෝධිය තෙක් දුර කිලෝමීටර පහක් පමණ වෙයි. මේ බෝධිය මහනුවර නිර්මාණය වූ කරත්ත සීපදවල වර්ණනා වනුයේ එදා සිය ගණනක් වූ කෝපි කොළඹට රැගෙන ගිය ගැල් රෑට නවාතැන් ගත් තිප්පලක් වශයෙනි. මේ බෝධිය සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පේරාදෙණිය පොලිසිය අසලින් ඇතුළට ගිය විට එදා තුන් සිංහලයේ ම පයින් ගමන් බිමන් ගිය අය නැවැතී විවේක ගෙන සීතල දිය නා ගිමන් හළ ප්‍රකට මධ්‍යස්ථානයක් වූ හාල් මැහි කඳුර නම් හන්තාන කන්දෙන් පොළව යටින් මතු වී බුබුළු දමමින් උඩට ආ සීතල ජල උල්පත විය. පියා හා අමනාප ව කොත්මලේට පලාගිය ගැමුණු කුමරු දිවා ආහාරය ගෙන විවේක ගත්තේ ද හාල් මැහි කඳුරේදී ය. 1947 ගංවතුරෙන් මුළු ප්‍රදේශය ම වර්ෂා ජලයෙන් යට වෙද්දී ගැටඹේ බෝධිය අවට බිම ගංවතුරට යට නොවී ඉතිරි වීම සමඟ ගැටඹේ බෝධියේ හාස්කම් පැතිරී යාමට විය. වර්තමාන දියුණුවට අඩිතාලම වැටුණේ මේ හාස්කම සමඟ ය.

පේරාදෙණිය රාජෝපවනාරාම පඬුරු දමන බෝධිය පිළිබඳ රසවත් කතා පුවත දැන් විමසා බලමු. උඩරට දෙවන රාජසිංහ රජු (1636 / 1687) රජ කරන විට දිගූද මේලෝ කැස්ට්‍රෝ නමැති පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි වරු උඩරට විශාල යුද හමුදාවක් රැගෙන විත් වට කළහ.

පරංගි හමුදාව කඳවුරු බැඳගත්තේ මහවැලි ගඟ අද්දර ගැටඹේ තොට අසලයි. පෘතුගීසීන් උඩරටට ඇතුළුවන විට මහනුවර අත හැර කඳුකරයට පළා ගිය රජු ටිකෙන් ටික නගරයට ළංවෙමින් ගරිල්ලා ක්‍රමයට සතුරා වටලන්නට විය. දැඩි වර්ෂාව සමඟ මහවැලි ගඟ උතුරා යාමට විය. ගැටඹේ බෝධිය අසල මෑතක් වනතුරු ගඟ හරහට ස්වභාවික ගල් බැම්මක් සේ විහිදී ගිය හරස් ගල්තලාවක් විය. ඉන් ගඟේ ජලය ගලායාම සිදුවූයේ ඉතා සෙමිනි. එය ගඟේ ස්වාභාවික බාධකයක් විය.

වර්ෂාව සමඟ ම රෝගාබාධ මතු වන්නට විය. පෘතුගීසීන්ගේ යුද කඳවුරේ ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් සියල්ල වර්ෂාවට තෙමී තෙත බරිත විය. පසුදා උදෑසන හිරු රැස් වැටෙන විට තෙමුණු වෙඩි බෙහෙත් ගෝනි බිම එළා සුදු වැලි ඇති ගංඉවුරේ දමා වේලන්නට විය. ගැටඹේ තොට යාව පිහිටි ගන්නෝරු කන්ද හෙවත් දිවි දොස් කන්ද එදා උඩවත්ත කැලේ - හන්තාන – බහිරව කන්ද සමඟ එක ම කැළෑ යායක් ලෙස පැතිර තිබූ දැවැන්ත කැළෑවක් විය. දිවි දොස් කන්ද මුදුනට නැඟගත් සිංහල සෙනෙවියෝ ගැටඹේ ගංඉවුරේ පෘතුගීසීන් තෙත් වූ වෙඩි බෙහෙත් ගෝනි මත එලා වේලනු දුටුවාහ. මේ බව ඊයක බැඳි රහස් තල්පතක් මඟින් රජු වෙත දැනුම් දී ඇත. රාජ නියෝගය වූයේ ඒ වෙඩි බෙහෙත් විනාශ කිරීමයි. දිවි දොස් කන්ද මුදුනේ සිට ඊතලවල බැඳි ගිණි ඇවිල වූ කරුංකා ගෙඩි බැඳ වෙඩි බෙහෙත් වෙත දුනුවලින් ඊතල කීපයක් එක්වර ම පතිත විය. වේලමින් තිබූ වෙඩි බෙහෙත් මහ හඬ නඟා පුපුරා එක ම ගිණි ජාලාවක් බවට පත් විය. ඒ සමඟ ම සැඟවී සිටි සිංහලයෝ තුවක්කු හෙලි දුනු ඊ කඩු රැගෙන පරංගීන් වෙත කඩා පැන්නාහ. අඩ හෝරාවක් ම පැවැති ගන්නෝරු සටනින් පරංගි හමුදාව සමූල ඝාතනය වූ අතර පරංගි ලෙයින් ගැටඹේ තොටේ සුදු වැල්ල රතුපාට විය. මාරාන්තික කඩු පහර කෑ දිගූද මේලෝ කැස්ට්‍රෝ තම පුතා දෙවන රාජසිංහ රජුට බාර දී අවසන් හුස්ම හෙලුවේය.

1638 ගන්නෝරු සටනින් ලැබූ ජය දෙවන රාජසිංහ රජුගේ රාජ සභාවේ සිටි කවීන් නවදෙනා මෙන්ම ප්‍රශස්ති හා හටන් කාව්‍ය කරුවන්ගේ ජය සමරු ප්‍රශස්ති කවිවලට වස්තු බීජ විය. ශ්‍රී නාමේ – පවන – රාජසිංහ රාජෝත්තමයා එවැනි ප්‍රශස්ති කාව්‍ය කීපයකි.

ගන්නෝරු සටනේ එය සිහිවීමට දෙවන රාජසිංහ රජු තම සහෝදර විජයපාල කුමරු ලවා ජය සමරු බෝධි අංකුර තුනක් සිටුවීය. ගැටඹේ රාජෝපවනාරාමයේ ඇති පඬුරු දමන බෝධිය එසේ රාජසිංහ රජුගේ නියමය පිට විජයපාල කුමරු 1638 රෝපණය කරවූවකි. එය දැනට අවුරුදු 375කට වඩා පැරැණිය. අතු පතර විහිදී ගිය දැවැන්ත ශාඛා පහක් පමණ එහි ඇත. බෝධි පූජාවලට මේ ස්ථානය නම ගිය ස්ථානයකි.

දෙවන ජය සමරු බෝධිය මීට මඳක් නුදුරින් මහනුවර ඇසළ පෙරහර දියකපන තොටුපල අසල පිහිටා ඇත. එය ගඟ අද්දර ම සරු පසක පිහිටි බැවින් මුලවට අඩි හතළිහක් පමණ යුතු හොඳින් ශාඛා පත්‍ර විහිදී ගිය වෘක්ෂයකි. ඇසළ පෙරහරේ දිය කපන දා මේ දිය කැපුම් බෝධිය අසල දහස් ගණනක් බැතිමත්හු මහ රෑ ගඟට පැන දිය කැපූ පසු නාති. මේ දිය කැපුම් බෝධියේ අතු හා පත්‍ර හරස් අතට විහිදීම විශේෂයකි. මේ අසළ අලුතින් දිය කැපුම් තොට රක්වංග විහාරය ඇරැඹී ඇත. මේ බිම්කඩ මහනුවර විෂ්ණු දේවාලයට අයිතිය.

තුන්වන ජය සමරු බෝධි අංකුරය එදා පේරාදෙණිය මල්වත්තේ සිටුවා ඇත. සරුවට වැඩී තිබූ මේ බෝධිය 1820 ඉංග්‍රීසින් පේරාදෙණි මල්වත්ත නැවත සකස් කිරීමේදී කපා දමා ඇත. ගැටඹේ බෝධිය දකින විට 1638 ගන්නෝරු සටන හා සිංහලයන් එහිදී ලැබූ අතිවිශිෂ්ට ජය එක්වර සිහියට නැඟෙයි.

Address

Kandy
20000

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 13:00

Telephone

+94777650461

Alerts

Be the first to know and let us send you an email when Hasthi Tours and Holiday Vacations Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hasthi Tours and Holiday Vacations Sri Lanka.:

Share